ඉතිහාසයේ දීර්ඝතම රජයේ අක්‍රියතාවය අවසන් කළ හැකි ගිවිසුමකට සෙනෙට් සභිකයින් එකඟ වෙයි.

ඉතිහාසයේ දීර්ඝතම රජයේ අක්‍රියතාවය අවසන් කළ හැකි ගිවිසුමකට අමෙරිකානු සෙනෙට් සභිකයින් එකඟ වී තිබේ.

අමෙරිකානු සෙනෙට් සභාවේදී අවශ්‍ය අරමුදල් ලබා දීමේ පනත් කෙට්ම්පත් සම්මත නොවීම හේතුවෙන් ෆෙඩරල් රජය දින 40ක් පුරා වසා දැමුණු අතර එය අවසන් කළ හැකි ගිවිසුමකට මෙසේ සෙනෙට් සභිකයින් එකඟ වී ඇති බව වාර්තා වේ.

රිපබ්ලිකන්වරුන් සමඟ සාකච්ඡා කරන ලද ගිවිසුමකට ඡන්දය දීමට ඩිමොක්‍රටික් නීති සම්පාදකයින් පිරිසක් සූදානමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඡන්දය සම්මත වුවහොත් අමෙරිකාව පුරා රජයේ සේවාවන් සම්පූර්ණයෙන්ම නැවත ආරම්භ කිරීම සිදු වනු ඇති බවද වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඒ සඳහා බාධක ගණනාවක් පවතින අතර ගිවිසුම සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වීමට කොපමණ කාලයක් ගතවේද යන්න පිළිබඳව තවමත් නිශ්චිතව කිව නොහැකි බවය.
 

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *