සජිත්ගේ අධ්‍යාපන සුදුසුකම් අද පාර්ලිමේන්තුවට කියනවලු…

තමන්ගේ සියලුම අධ්‍යාපන සුදුසුකම් අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ පාර්ලිමේන්තුව අමතමින් පැවසීය.

විපක්‍ෂ නායකවරයාගේ අධ්‍යාපන සුදුසුකම් පෙන්වන ලෙස ඇමති නලින්ද ජයතිස්ස මහතා නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේය.

“හෙට උදේට මම ලබපු සියලුම අධ්‍යාපන සුදුසුකම් ටික මේ සභාවේ ඉදිරිපත් කරන්න අදහස් කරනවා. උපාධි සහතිකය පමණක් නොවෙයි. ඉන් ඔබ්බටත් ගිය හැම සහතිකයක්ම ඉදිරිපත් කරනවා” යැයි එහිදී ඔහු පැවසීය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *