නාමල්ගේ පැටිකිරිය පාර්ලිමේන්තුවේ දී එළියට…

වෙළෙඳ වාණිජ, ආහාර සුරක්‍ෂතා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විසින් ඊයේ පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ නීතීඥ විභාගයට මුහුණදුන් ආකාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කළේය.

නාමල් රාජපක්ෂ AC කාමරයකට වී ප්‍රශ්න පත්‍රය කලින් ලබාගෙන අන්තර්ජාල පහසුකම් සහිත පරිඝණකයක් සමග නීතීඥ විභාගයට මුහුණදුන් බවත් එය රටේ සමස්ත ක්‍රමවේදය උල්ලංඝනය කිරීමක් බවත් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා එහිදී සදහන් කළේය.

අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය.

“නාමල් රාජපක්ෂගේ අධ්‍යාපන සුදුසුකම ඉල්ලන්නේ නැති දැයි සමහරු අහනවා. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් කතා ‌කොට ඔහුට කළ මරණ තර්ජන ගැන අපට පැවසුවා.

නාමල් රාජපක්ෂ ඒ.සී කාමරයක දලා ප්‍රශ්න පත්තරේ කලින් දීලා අන්තර්ජාල පහසුකම් සහිත පරිගණකයකුත් දීලා විභාගේ ලියපු හැටි දැනට ස්විස්ටර්ලන්තයේ දේශපාලන රැකවරණය ලබපු කෙනෙක් අප සමග කිව්වා.

ඒ පරීක්ෂණය පටන් ගත්තාම ඕන වෙලාවක ලංකාවට එන්න ඔහු සූදානමින් ඉන්නවා. මොහු නීතිඥයෙක් වෙන්න රටේ සමස්ත ක්‍රමවේදය උල්ලංඝනය කරමින් කටයුතු කළා. තාත්තා ජනාධිපති වීම නිසා මේ දේශපාලන බලය පාවිච්චි කළා.

ඊට පසුව අපරාධ විද්‍යාව ගැන පශ්චාත් උපාධිය කරන්නත් 2011 වසරේ ආවලු. ප්‍රථම උපාධියක් නැති නිසා පශ්චාත් උපාධිය හදාරන්න දීලා නෑ. ඊට පසුව ඒ මහාචාර්යවරයෙක්ට එකල උප කුලපති තර්ජනය කර තිබෙනවා.”

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *