දුප්පතුන්ගේ පිහිටට තිබූ ජනාධිපති අරමුදලටත් විද්ද හොරනඩය මෙන්න…

2005 සිට 2024 දක්වා කාලය තුළ ජනාධිපති අරමුදලින් දේශපාලනඥයන්ට වෙන් කර ඇති ගෙවීම් පිළිබඳ තොරතුරු අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (17) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

එහිදී ඔහු සඳහන් කළේ මෙම අරමුදලේ මුදල් වෙන් කර ඇත්තේ මෙරට දරිද්‍රතාවයට සහන සැලසීම ඇතුලු සුබසාධක කටයුතු සඳහා බවය.

“අපේ රටේ දරුවන්ටත් උදව් කරන්න පුළුවන් අරමුදලක් තිබෙනවා. ජනාධිපතිවරයාගේ අරමුදල් පනත. ඒකේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා උදව් කළයුතු ආකාරය.” යැයි පැවසූ අමාත්‍යවරයා ජනාධිපති අරමුදලින් උදව් ලබාදෙන ආකාර පිළිබඳව මෙහිදී කරුණු දැක්වීය.

1 දරිද්‍රතාවයට සහන සැලසීම සඳහා
2 අධ්‍යාපනය හෝ ඥානය වර්ධනය කිරීම සඳහා
3 ආගම නංවාලීම සඳහා
4 ජාතිය වෙනුවෙන් සේවයක් කර ඇති තැනැත්තන්ට ප්‍රදානයක් කිරීම සඳහා
5 ජනාධිපති හෝ මණ්ඩලය තීරණය කරන ආකාරයට යහපත සඳහා

2005 -2024 ජනාධිපති අරමුදලෙන් වෙන් කරන ලද ගෙවීම් සම්බන්ධ තොරතුරු තමන් සතුව ඇති බවත් පැවසූ ඒ මහතා එම නම් ලැයිස්තුව පාර්ලිමේන්තුවේ දී හෙළිදරව් කළේය.

එම නම් ලැයිස්තුව පහළින්….

පී. හැරිසන්
පියසේන ගමගේ
සුමේදා ජයසේන
මනෝජ් සිරිසේන
පී දයාරත්න
එස්.සී මුතුකුමාරණ
වාසුදේව නානායක්කාර
එස් බී නාවින්න

“මේ අයගේ නම් කෙලින්ම තිබෙනවා. තව නම් කිහිපයක් තිබෙනවා…සොයාගන්න ටිකක් මහන්සි වෙන්න ඕනේ.” යැයි පැවසූ ඒ මහතා දයාසිරි පද්මකුමාර ජයසේකර, පියල් නිශාන්ත ද සිල්වා, සුසිල් ප්‍රේමජයන්ත, ඉසුර දේවප්‍රිය යන අයගේද නම් හෙළිදරව් කළේය.

එමෙන්ම එක් එක් මැති අමැතිවරු ලබාගත් මුදල් ද නම් ගම් ඇතිව අමාත්‍යවරයා හෙළිකළේ මෙසේය.

ජගත් කුමාර – රු. ලක්ෂ 10යි
කේ පී එස් කුමාරසිරි – රු 953,430
ජයලත් ජයවර්ධන – රු ලක්ෂ 10යි
නාමල් ගුණවර්ධන – රු ලක්ෂ 10යි
ධර්මදාස බණ්ඩා – රු ලක්ෂ 10යි
විදුර වික්‍රමනායක – රු ලක්ෂ 15යි
විමලවීර දිසානායක – රු ලක්ෂ 30යි
ලකී ජයවර්ධන – රු ලක්ෂ 16.2යි
පී චන්ද්‍රසේකරන් – රු ලක්ෂ 14යි
ජෝන් අමරතුංග – රු ලක්ෂ 40යි
ජෝසප් මයිකල් පෙරේරා – රු ලක්ෂ 27යි
ටී බී ඒකනායක – රු ලක්ෂ 48යි
ඩබ්ලිව් එම් එස් ෆොන්සේකා (සරත් ෆොන්සේකා නොවේ) – රු ලක්ෂ 55යි
ජයන්ත වීරසිංහ – රු ලක්ෂ 90යි
ඇලික් අලුවිහාරේ – රු ලක්ෂ 22යි
රංජිත් අලුවිහාරේ – රු ලක්ෂ 8.6යි
රාජිත සේනාරත්න – රු ලක්ෂ 100යි
කෙහෙළිය රඹුක්වැල්ල – රු ලක්ෂ 110යි
එම් කේ ඒ ඩී එස් ගුණවර්ධන – රු ලක්ෂ 112යි
රංජිත් සොයිසා – රු ලක්ෂ 188යි
දි මු ජයරත්න – රු ලක්ෂ 300යි

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *