ලංකාවේ දැන් අධිනීතිඥයෝ නැහැ අජිත් පී පෙරේරා අධිනීතිඥයෙක් වුනේ අවුරුදු පහෙන්ද?….

අධිකරණ ඇමැති හර්ෂණ නානායක්කාර අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ අධිනීතිඥයන් සිටිය නොහැකි බවත් එලෙස සිටින්නේ නම් එය ව්‍යාජ හැඳින්වීමක් බවත් ය.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා අවස්ථා ගණනාවකදී අධිනීතිඥ අජිත් පී. පෙරේරා ලෙස හඳුන්වා ඇති ලේඛන ගණනාවක් ද ඇමැතිවරයා සභා ගත කරමින් සිය කතාවේ දී සඳහන් කළේ තමා සිදු කරන කරුණු දැක්වීමට පිළිතුරු දීම සඳහා එම මන්ත්‍රීවරයාට අවස්ථාව ඇති බවයි.

වෙනත් අයට චෝදනා කිරීමේ දී තමා අවට පරිසරය පිළිබඳව ද අවධානය යොමු කරන ලෙස ද ඔහු සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේය.

1973 වසරේ සිට මෙරට සිටින්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරුන් පමණක් බව ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

එබැවින් එම වසරෙන් පසු කිසිදු අධිනීදීඥයකු මෙරට සිටිය නොහැකි බවත් නීතිපති දෙපාර්තමේන්තුවට පමණක් එම තත්ත්වය වෙනස් වන බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

ඔහු සඳහන් කළේ එහි සිටින ඇතැම් නිලධාරීන්ගේ තනතුරු සිංහලෙන් හැඳින්වීමේ දී අධිනීතීඥ ලෙස හැඳින්වීම සිදුකරන බවයි.

මන්ත්‍රී අජිත් පී.පෙරේරා හැඳින්වූ බොහෝ අවස්ථාවල අධිනීතීඥ ලෙස හඳුන්වා ඇති අතර ඔහු එලෙස අධිනීතිඥ ලෙස හැඳින්වීමට නම් 1973 වසරට පෙර අදාළ විභාගය සිදුකර තිබිය යුතු බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

එහෙත් ඒ වනවිට එම මන්ත්‍රීවරයාගේ වයස අවුරුදු පහක් පමණ වන්නට ඇති නිසා විභාගය සිදු නොකරන්නට ඇතැයි විශ්වාස කරන බව ඇමැතිවරයා සඳහන් කළේය.

දැනට භාවිතයේ නොමැති තනතුරක් භාවිත කිරීම ද වංචාවක් බව පෙන්වා දුන් ඇමැතිවරයා එංගලන්තයේ බැරිස්ටර් විභාගය සිදු කළ අයකුට වුවද එය භාවිත කළ හැක්කේ අදාළ රටේදී පමණක් වන අතර එය ශ්‍රී ලංකාවට වලංගු නොවන බවද අවධාරණය කළේය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *