ඉන්දීය සංචාරය සාර්ථකව නිමකරමින් ජනපති යළි දිවයිනට…

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දූත පිරිස සිය තෙදින ඉන්දීය සංචාරය නිමා කරමින් දිවයිනට පැමිණ තිබේ.

ආරංචි මාර්ග පවසන්නේ ඊයේ (17) රාත්‍රී 10ට පමණ ජනාධිපතිවරයා සහ දූත පිරිස කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි බවය.

ජනාධිපතිවරයා සමග දූත පිරිස ලෙස සහභාගී වූ අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත, අමාත්‍ය විජිත හේරත් ඇතුළු ඇතුළු පිරිස ද එම ගුවන් යානයෙන්ම ආපසු පැමිණ තිබුණි.

ජනාධිපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස ඉකුත් 15 දින සිය ඉන්දීය සංචාරය සඳහා පිටත්ව ගිය අතර, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා, ජනාධිපතිවරිය ඇතුළු රාජ්‍ය ත්‍රාන්ත්‍රිතයින් පිරිසක් හමුවී ඉතා සාර්ථක සාකච්ඡා කිහිපයක් පවත්වා දෙරට අතර ගිවිසුම් කිහිපයකටද අත්සන් තැබුණි.

ඉන්දියාවේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බුද්ධගායාවද වැඳපුදා ගන්නා ලදී.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *