සජබ ඉතිරි ලැයිස්තු මන්ත්‍රී ධුර 4 නම් කරයි…

සමගි ජන බලවේගයේ පුරප්පාඩු ජාතික ලැයිස්තු මන්ත්‍රි ධූර 04 සදහා නම් මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරු වන දමිළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක මනෝ ගනේෂන් , සුජීව සේනසිංහ සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ලේකම් නිෂාම් කාරියප්පර් සහ සමස්ථ ලංකා මහජන කොංග්‍රසයේ මොහොමඩ් ස්මයිල් මුත්තු මොහොමඩ් මෙලෙස නම් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් සඳහා මේ වන විටත් පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පත් කර තිබෙනවා.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *