රුසියානු ජෙට් යානා කිහිපයක් සිය ගුවන් අවකාශය උල්ලංඝනය කළ බවට එස්තෝනියාව චෝදනා කරයි.එස්තෝනියානු විදේශ අමාත්‍යාංශය නිවේදනය කර ඇත්තේ රුසියානු මිග්-31 ප්‍රහාරක ජෙට් යානා 3ක් සිය අවසරයකින් තොරව මිනිත්තු 12ක් පමණ තම ගුවන් සීමාවේ රැඳී සිට ෆින්ලන්ත බොක්ක හරහා ගමන්කළ බවය.මෙය ‘නිර්ලජ්ජිත’ ක්‍රියාවක් බවත්, තම ගුවන් අවකාශය උල්ලංඝනය කිරීම දැඩිව හෙළා දකින බවත් එස්තෝනියාව පවසයි.ඒ අනුව රුසියානු ජෙට් යානා තම ගුවන් අවකාශය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් එස්තෝනියාව නේටෝ සාමාජිකයින්ගෙන් උපදෙස් පතා ඇත.කෙසේ වෙතත් රුසියානු ජෙට් යානා පැමිණීමත් සමග තම හමුදා සන්ධානය වහාම ප්‍රතිචාර දැක්වූ බවද එස්තෝනියාව පවසයි.කෙසේ වෙතත් රුසියාව එස්තෝනියානු ගුවන් අවකාශය උල්ලංඝනය කිරීම ප්‍රතික්ෂේප කර ඇත.
අලුත්ම පුවත්
-
ගෝඨාභය පත් කළ NMRA NMRA විධායක අධ්යක්ෂ කල් ඉකුත් වූ ජලභීතීකා එන්නත් රෝගීන්ට ලබා දී ඇති බව අධිකරණයේදී හෙළි වෙයි.
-
හෙට ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි.
-
සලේගේ තත්ත්වය පරීක්ෂා කිරීමට පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයක.
-
දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් අත්අඩංගුවට.
-
එළැඹෙන නඩු දිනය තෙක් සලේට DO.
-
පොලීසිය සමග පොර බැදීමේදී නීතිවිරෝධී මත්පැන් ජාවාරම්කරුට වෙඩි වදියි.
-
උසස් පෙළ සිසු ගැටුම පිහි ඇනුමකින් අවසන් – සිසුන් 5ක් රෝහල.
-
සියලුම දේශීය ක්‍රිකට් තරගාවලි දින නියමයක් නොමැතිව කල්යයි.
-
හැකරුන් ගැන මහබැංකු අධිපති පළමුවරට කටඅර.
-
පළමු ආපදා මරණය මඩකලපුවෙන්.



ප්‍රතිචාරයක් ලබාදෙන්න