2025 වසරේ මේ දක්වා සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීම්වලින් හෙරොයින් කිලෝග්‍රෑම් 955ක්, අයිස් කිලෝග්‍රෑම් 1,422 ක් පොලීසිය සිය භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුඩ්ලර් මහතා පවසයි.විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් අද (20) ඔහු ඒ බව සඳහන් කර සිටියේය.එහිදී මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ හෂිෂ් කිලෝග්‍රෑම් 471 ක්, කොකේන් කිලෝග්‍රෑම් 29ක්, ගංජා කිලෝග්‍රෑම් 13,773 ක්, මත්ද්‍රව්‍ය පෙති මිලියන 3.5ක් ද නිලධාරීන් භාරයට ගත් බවය.එහිදී T-56 අවි 61ක්” පිස්තෝල 62ක් සහ රිවෝල්වර් 40ක් වෙනත් ගිනිඅවි 1,721ක් සොයා ගෙන ඇත.2025 ජනවාරි පළමු වනදා සිට මේ දක්වා වෙඩිතැබීමේ සිද්ධිවලට අදාළව වෙඩික්කරුවන් 38 දෙනෙකු, පැදිකරුවන් 27 දෙනෙකු, ආධාර අනුබල ලබාදීමේ සිද්ධිවලට අදාළව පුද්ගලයින් 263 දෙනෙකු ඇතුළුව සැකකරුවන් 328 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.මේ අතර දෛනික පොලිස් විශේෂ මෙහෙයුම්වලදී ජනවාරි 12 වනදා සිට මේ දක්වා පුද්ගලයින් 5,101,516ක් පරීක්ෂාවට ලක්කර ඇති අතර සැකපිට පුද්ගලයින් 104,602ක් අත්අඩංගුවට ගෙන තිබේ.ඉන් පුද්ගලයින් 4630 දෙනෙකු අපරාධවලට ඍජුව සම්බන්ධ බවට හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.මෙම මෙහෙයුම්වලදී බීමත් රියදුරන් 46,909 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අපරීක්ෂාකාරී රිය පැදවීම් සම්බන්ධයෙන් රියදුරන් 3404 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබේ.
අලුත්ම පුවත්
-
රු. කෝටි 5කට අධික ‘කුෂ්’ සහ ‘හෂීෂ්’ සමඟ තායිලන්ත ජාතිකයින් දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට.
-
චමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට.
-
අධික උෂ්ණත්වය හේතුවෙන් යාල කලාප දෙකක් වසා දැමීමට තීරණයක්.
-
යෝෂිතගේ අභියාචනා පෙත්සමක් ඉල්ලා අස්කර ගනී.
-
ලබන 15 සිට තායිලන්තයට යන ශ්‍රී ලාංකිකයන්ට වීසා අනිවාර්යයි
-
අම්පිටියේ සුමනරතන හිමි අත්අඩංගුවට.
-
නාමල්ට ගෙදරින් කෑම කන්න අවසර.
-
විද්‍යුත් මෝටර් රථ සදහා කොළ පාට අංක තහඩු.
-
2026 වසරේ පළමු භාගය තුළ ඉන්ධන ආනයන වියදම් ගැන අගමැතිනියගෙන් හෙළිදරව්වක්
-
22ට එරෙහි තවත් පෙත්සම් 2ක පිටපත් කථානායකට



ප්‍රතිචාරයක් ලබාදෙන්න