හැව්ලොක් රග්බි කණ්ඩායම මෙවර අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමේ අරමුණින් තරග බිමට පිවිසෙන බව එහි සභාපතිවරයා පවසයි.
හැව්ලොක් කණ්ඩායමට නුග්‍රාහකත්වය ලබාදීම ඊයේ එම ක්‍රීඩා පිටියේ දී සිදු කෙරුණු අතර, හැව්ලොක් ක්‍රීඩා සමාජය වසර 109 ක් පැරණි ශ්‍රී ලංකාවේ ඉපැරණිම ක්‍රීඩා සමාජයකි.
මෙවර අබ්දුල් ෆායිස් ගේ නායකත්වයෙන් තරග බිමට පිවිසෙන එම කණ්ඩායමේ උප නායකත්වය දරන්නේ සංදේශ් ජයවික්‍රමයි. සාලිය කුමාර පුහුණුකරු ලෙස ක්‍රියා කරයි.
හැව්ලොක් කාන්තා කණ්ඩායමද ර තරගාවලියට ඉදිරිපත් වීමට සූදානමින් සිටී. එහි නායකත්වය දරන්නේ ලේහා ගමගේ විසින් වන අතර, චමෝදි සත්සරණී උප නායකත්වය දරනු ලබයි.
flyhisports, lanka hospital, ප්‍රීමා,ALFT packaging, මෙවර හැව්ලොක් කණ්ඩායම සඳහා අනුග්‍රාහකත්වය ලබා දෙන අතර, අනුග්‍රහකත්ව ප්‍රදානය, කණ්ඩායමේ නිල ඇඳුම් එළිදැක්වීම ඊයේ සිදු කෙරිණි.
මෙම අවස්ථාවේදී දහස් දැක්වූ හැව්ලොක් ක්‍රීඩා සමාජයේ සභාපති රජීව් පෙරේරා,
“මෙවර අප කණ්ඩායම ඉදිරිපත් වන්නේ අනුශූරතාවය ලබා ගැනීමට නොව ශූරතාවය ලබා ගැනීමටයි. ඉතාම දක්ෂ කණ්ඩායමක් අප සතුව සිටිනවා. තවත් කණ්ඩායම් තරගාවලිය සඳහා එක් වෙනවා නම් එය තරගාකාරීත්වයේ වැඩිවීමට හොඳ සාධකයක්.“
ප්‍රතිචාරයක් ලබාදෙන්න