රුසියාවේ කසාන් නුවරට යුක්‍රේනය එල්ල කළ ප්‍රහාර වලට ප්‍රතිචාර ලෙස යුක්‍රේනයට එරෙහිව දැවැන්ත ප්‍රහාරයක් දියත් කරන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සදහන් කරයි.
යම් පාර්ශවයක් සිය රටේ යම් වස්තුවක් විනාශ කිරීමට උත්සහ දරන්නේ නම්, එම රටට ඊට වඩා දෙතුන් ගුණයක් වැඩි ඛේදවාචකයට මුහුණදීමට සිදුවනු ඇති බවට ජනාධිපති පුටින් අනතුරු අඟවයි.
රුසියාවේ කසාන් නුවරට ඩ්‍රෝන ප්‍රහාර 8ක් එල්ල වු අතර යුක්‍රේනය එල්ල කළ ප්‍රහාර වලින් සිදුවූ හානි කඩිනමින් යථා තත්වයට පත් කරන බව ද ජනාධිපති පුටින් සදහන් කරයි.
කෙසේ වෙතත් ජනාධිපති පුටින්ගේ අනතුරු ඇඟවීම හරහා දැවැන්ත ප්‍රහාරයකට රුසියාව සූදානම් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ප්‍රතිචාරයක් ලබාදෙන්න