හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා බාරදී තිබේ.
ඔහු සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ රුපියල් 494000/- ක මුදලක් හලාවත ප්‍රදේශයේ බැංකුවක ගිණුමකට බැරකෙන ලෙස එම අධිකාරියේ නිලධාරීන් පෙළඹවීම තුළින් ” දූෂණය” නැමැති වරද සිදුකළේ යැයි ඔහුට එරෙහිව චෝදනා ගොනු වී තිබුණි.
අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ මෙම අධි චෝදනා පත්‍ර අද (18) කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිරකරත්න ඉදිරියේ භාර දෙනු ලැබීය.
ප්‍රතිචාරයක් ලබාදෙන්න