මැතිවරණ කොමිසම රැස්වෙයි.!

මැතිවරණ කොමිෂන් සභාව අද (18) පෙරවරුවේ රැස්ව තිබේ.

ඊයේ (17) පාර්ලිමේන්තුවේදී සම්මත වූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා ඔවුන් මෙලෙස රැස්ව තිබේ.

කෙසේ නමුත් මේ සම්බන්ධව වූ ගැසට් පත්‍රය මෙතෙක් මැතිවරණ කොමිසමට ලැබී නොමැති අතර ඒ සම්බන්ධ ගැසට් පත්‍රය පළාත් පාලන අමාත්‍යංශයෙන් නිකුත් කිරීමට ද නියමිතව තිබේ.

එම ගැසට් පත්‍රය මැතිවරණ කොමිසම වෙත ලැබීමෙන් අනතුරුව පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධව තීරණය කිරීමට ද නියමිත ව ඇති බව වාර්තා වේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *