ජනාධිපති අරමුදලේ සල්ලි ගිල්ල ලොක්කෝ ගැන CID පරීක්ෂණයක්.!

ජනාධිපති අරමුදලේ අවභාවිතයක් සිදුවී ඇත්ද යන්න විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට පොලීසිය තීරණය කර තිබේ.

අදාළ විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් සිදුකරන්නැයි උපදෙස් දී ඇති බව වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය සඳහන් කර ඇත.

ජනාධිපති අරමුදල අවභාවිත කළ පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ලෙස ඉල්ලා ඊයේ(23) පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ද ඉදිරිපත් විය.

මහජන අරමුදල් සුරැකීමේ නීතිඥවරු සංවිධානය විසින් පැමිණිල්ල ගොනු කර තිබිණි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *