ගොවීන්ට සුබ ආරංචියක්.!

වගා හානි වූ බෝග 6ක් සඳහා හෙක්ටයාරයකට රු ලක්ෂය බැගින් ලබාදීමට කැබිනට් අනුමැතිය ලබාදුන් බව අද (24) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසූවේය.

එම බෝග සඳහා වී, බඩ ඉරිඟු, අර්තාපල්, මිරිස්, ලොකු ලූනු සහ සෝයා බෝංචි ආදිය ඇතුලත් වේ.

එහිදී කැබිනට් ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසූවේ, පසුගිය අයහපත් කාලගුණය නිසාවෙන් සිදුවූ වගා හානි පිළිබඳව කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත් හා වාරිමාර්ග අමාත්‍යවරයා විසින් පසුගිය දෙසැම්බර් 02 වනදා දක්වා සිදුවූ හානි පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *