ආහාර උද්ධමනය බිංදුව වෙයි…

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මෙරට උද්ධමනය 2024 නොවැම්බර් මාසයේ දී -1.7% ක් දක්වා තවදුරටත් පහළ ගොස් ඇති බව වාර්තා වෙයි.

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ 2024 ඔක්තෝබර් මාසයේ දී උද්ධමනය -0.7%ක් ලෙස වාර්තා වූ බවයි.

එහිදී 2024 ඔක්තෝම්බර් මාසයේ දී 1.3% ලෙසින් සටහන්ව තිබූ ආහාර උද්ධමනය 2024 නොවැම්බර් මාසයේ දී 0% ක් දක්වා සහ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය -2.3% සිට -3.1% ක් දක්වාත් පහළ ගොස් ඇති බව නවතම දත්ත අනුව පෙනීයයි.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන් වේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *