හිටපු ජනපතිලාගේ රාජකාරිවලින් ත්‍රිවිධ හමුදාව ඉවතට…

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සදහන් කළේ හිටපු ජනාධිපතිවරුන්ට ලබන සතියේ සිට පොලීසිය විසින් සපයා තිබෙන ආරක්ෂාව හැර ත්‍රිවිධ හමුදාවේ සියලු ආරක්ෂාවන් සහ අනෙකුත් රාජකාරී වලින් ඔවුන් ඉවත් කිරීමට කටයුතු කරන බවයි.

තවද මාස හයකට වරක් කරනු ලබන ආරක්ෂක තක්සේරුකරණයෙන් පසුව ඊට අනුකූලව අදාළ ආරක්ෂාව සපයන බවද මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සදහන් කරයි.

මේ අයුරින් ක්‍රියාත්මකව කටයුතු කළහොත් මෙතෙක් වැය වු මුදලින් දළ වශයෙන් රුපියල් මිලියන 1200ක මුදලක් වාර්ෂිකව රජයට ඉතිරි කර ගැනීමට හැකි බවද අමාත්‍යවරයා සදහන් කරයි.

අද (17) දින පාර්ලිමේන්තුවේදී අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මේ බව සදහන් කළේය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *