පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතාට ඉදිරියේදී රෝගියෙක් වශයෙන් හැර වෙනත් කිසිදු හේතුවක් මත යාපනය ශික්ෂණ රෝහලට ඇතුල් වීමට අවසර නොමැති බවට යාපනය ශික්ෂණ රෝහලේ රෝහල් අධ්‍යක්ෂක කාර්යාලය මගින් දැනුම් දී ඇති බව වාර්තා වේ.
මන්ත්‍රීවරයාට එරෙහිව යාපනය අධිකරණයේදී ගොනුකර තිබූ නඩුවකට පෙනී සිටි මන්ත්‍රී රාමනාදන් අරුචුනාට රුපියල් ලක්ෂයක ශරීර ඇප ඊයේ (16) දින නියම වූ අතර නඩුව එලඹෙන වසරේ (2025) පෙබරවරී 07 වනදාට කල් තැබීමෙන් පසුව යාපනය ශික්ෂණ රෝහල මගින් මේ බව දැනුම් දී තිබේ.
එමෙන්ම යාපනය අධිකරණය මගින් අර්චුනා මන්ත්‍රීවරයාට යපනය ශික්ෂණ රේහලට අවසරයකින් තොරව ඇතුල් වීමට නොහැකි බවටද ඇතුල් වන්නේනම් රෝහල් පාලනාධිකාරියෙන් අවසරයක් ලබාගත යුතු බවටද නියෝග කොට ඇත.
ප්‍රතිචාරයක් ලබාදෙන්න