ඩේටා පැකේජ සඳහා ගාස්තු වැඩි කිරීමට කිසිඳු අවසරයක් දී නැහැ.!

ඩේටා පැකේජ සඳහා ගාස්තු වැඩි කිරීමට කිසිදු අවසරයක් ලබාදී නොමැති බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අවධාරණය කරයි.

ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වාර්තා ප්‍රතික්ෂේප කරමින් කොමිසමේ අධ්‍යක්ෂ ඉන්ද්‍රජිත් හඳපාන්ගොඩ මහතා පැවසුවේ කිසිදු විදුලි සංදේශ සේවා සපයන්නකුට තම ගාස්තු ඉහළ නැංවීමට කිසිදු බලයක් ලබා දී නොමැති බවයි.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වාර්තාවලින් පසුව, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් වහාම සියලුම විදුලි සංදේශ සේවා සපයන්නන්ගෙන් විමසීමක් කර තිබේ.

ඊට ප්‍රතිචාර වශයෙන් එම සියලුම සැපයුම්කරුවන් ලිඛිතව සහතික වී ඇත්තේ තම පැකේජ සඳහා ගාස්තු වැඩි කර නොමැති බවයි.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අසත්‍ය තොරතුරු මගින් නොමඟ නොයන ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂවරයා පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියි .

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *