තවත් පාර්ලිමේන්තු ලොක්කෙක් CIDයට කැඳවයි.!

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියේ ආචාර්ය යන පදවිය පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සඳහන් කිරීම සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීමට පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ ජයලත් පෙරේරා මහතා හෙට දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

පාර්ලිමේන්තු වෙබ් අඩවියට මන්ත්‍රී නම් ඇතුළත් කිරීමේ වගකීම සභා ලේඛන කාර්යාලයට පැවරී ඇති අතර එම කාර්යාලය කටයුතු ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂවරයා යටතේ මෙහෙයවෙයි.

මීට පෙරද අවස්ථා කිහිපයකදී මෙම සිදුවීමට අදාලව ව්‍යවස්ථා දායක සේවා කාර්යාලයේ නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *