ගෝඨාගේ රජය අහෝසි කළ විශ්‍රාම වැටුප් වැඩි කිරීමේ ක්‍රියාවලිය නැවත බලාත්මක කිරීමේ තීරණයක්.!

2020 වසරේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ රජය අහෝසි කළ විශ්‍රාම වැටුප් වැඩි කිරීමේ ක්‍රියාවලිය නැවත බලාත්මක කිරීමට වත්මන් රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේ, 2016 ජනවාරි පළමු වැනිදා සිට 2019 දෙසැම්බර් 31 දක්වා කාල සීමාව තුළ විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයින් සඳහා එම විශ්‍රාම වැටුප් වැඩි කිරීම ලබා දෙන බවයි.

එළැඹෙන අයවැය මගින් ඊට අදාළ ප්‍රතිපාදන වෙන් කල බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

Spread the news

Comments

“ගෝඨාගේ රජය අහෝසි කළ විශ්‍රාම වැටුප් වැඩි කිරීමේ ක්‍රියාවලිය නැවත බලාත්මක කිරීමේ තීරණයක්.!”ට ප්‍රතිචාර 3ක්

  1. Priyantha Munasinghe Avatar
    Priyantha Munasinghe

    මෙවා අර්ධ රාජ්‍ය ආයතන සදහා වලංගු නැද්ද ඒවගේ ඉන්න අයටත් ප්‍රශ්න තියෙනවා එයාලට ගෙවන විශ්‍රාම වැටුප් ක්‍රමය අනුව කිසිදු දීමනා හිමි නැති බව පෙනේ

  2. T.M.J. Gunasekara Avatar
    T.M.J. Gunasekara

    ඇත්තටම අපේ වැටුප් ප්‍රධාන පත්‍රය අනුව වැටුප ලබා දෙන්නේ නමි ඒ තමයි වගකීම ඇතිව සැමදෙයක්ම ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඔප්නැංවී පෙනෙනු කිරියාදාමය ගෝඨාභය රජය ඉක්මනින්ම විනාශ වී ගියේ විශ්‍රාමික ජනතාවගේ ශාපය නිසයි.වැටුප ගෙවීම කපා දැමුබැවි දැන ගත් දිනයේදීම fbඑකේ පල කල ශාපය සෑම දෙනාටම මතක ඇති නේද? ඇත්තටම ඒනිසා මේ රජයට අපි සුභ පතනවා.

  3. පොලිසියේ අපේ විස්ශ්‍රාම වැටුප
    හා යුද හමුදා නිලදාරින් ගේ විවිස්ශ්‍රාමික වැටුප අතර ගොඩක් අසාදාරන බවක් තිබෙනවා ඒ ගැගැනත් හිතන්න ජනාධිපති තුමනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *