ඉන්දීය ආරක්ෂක උපදේශක සහ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා අතර හමුවක්.!

නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතාන් ආනන්ද් මුකුන්දන් සහ සහකාර ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් මන්දීප් සිං නේගි අතර හමුවක් කොළඹ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාලයේදී පැවැත්විණ.

මෙම සුහද හමුව අතරතුර ජනවාරි (26) වන දින ඉන්දියාවේ 76 වන ජන රජ දින සැමරුම් උත්සවයට සහභාගී වන ලෙස කපිතාන් මුකුන්දන් නියෝජ්‍ය අමාත්‍යවරයාට නිල ආරාධනයක් කළ අතර ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා ඇති අවස්ථා පිලිබඳවද දෙපාර්ශ්වයම මෙහිදී සාකච්ඡා කළහ.

තවද ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින දිගුකාලීන හා ශක්තිමත් ආරක්‍ෂක සහයෝගීතාව පිළිබඳව මෙම හමුවේදී සාකච්ඡා වූ අතර දෙරට අතර ශක්තිමත් පුද්ගලාන්තර සම්බන්ධතා වර්ධනය කිරීමේ වැදගත්කම නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අවස්ථාවේ අවධාරණය කළ අතර ඉන්දියාවෙන් අඛණ්ඩව ලැබෙන හමුදා සහාය පිළිබඳ සිය කෘතඥතාව පළ කළේය.

මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුම් සදහා ඉන්දියාව දක්වන සහයෝගය මේජර් ජෙනරල් ජයසේකර අගය කළ අතර මෙම දැවෙන ගැටලුවට එරෙහිව සටන් කිරීම සදහා අන්‍යෝන්‍ය කැපවීම මෙහිදී අවධාරණය කළේය.

මෙම හමුව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කල් පවතින මිත්‍රත්වය සහ සහයෝගීතා තවදුරටත් ශක්තිමත් කළේය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *