පාර්ලිමේන්තුවට CIDයෙන් පනී.!

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරී කණ්ඩායමක් පාර්ලිමේන්තු නිලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ඒ පාර්ලිමේන්තුවේ වෙබ් අඩවියේ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාරගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙනි.

මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරිහු කණ්ඩායමක් පාර්ලිමේන්තුවට ඊයේ දින පැමිණි අතර එහිදී පාර්ලිමේන්තු නිලධාරීන් තිදෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් වාර්තා වේ.

පාර්ලිමේන්තුවේ වෙබ් අඩවියට තොරතුරු ඇතුළත් කිරීමට පාදක කරගත් බව කියන ලිපි කිහිපයක් පාර්ලිමේන්තු නිලධාරීන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට බාරදී ඇති බව ද සඳහන්ය.

අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාරගේ නම ඉදිරියෙන් ආචාර්ය යනුවෙන් සඳහන් කර ඇත්තේ සභා නායක කාර්යාලයෙන් ලැබුණු ලිපියක එලෙස සඳහන්ව තිබු නිසා බව සභා ලේඛන කාර්යාලයේ ප්‍රධානීන් එම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ප්‍රධානීන්ට භාරදී ඇති වාර්තාවේ සඳහන් බවත් වාර්තා වේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *