ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනවාරි පළමුවනදා ජාතිය ඇමතීමට නියමිතව ඇති බව වාර්තා වේ.
ඒ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යන ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ක්‍රියාත්මක කිරීමට නියමිත ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා බවයි සඳහන් වෙන්නේ.
‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයද සහය ලබා දීමට මේ වන විටත් එකඟතාව පළ කර ඇති බව ද වාර්තා වේ.
මේ අතර ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන සැලසුම් කර ක්‍රියාත්මක කිරීම සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය ද ස්ථාපිත කර ඇති අතර, ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ අත්සනින් යුතුවය.
මේ පිළිබඳව විස්තර ඇතුළත් සවිස්තර වීඩියෝව පහළින්…
ප්‍රතිචාරයක් ලබාදෙන්න