ශ්‍රී ලංකාවට උසස්වීමක්…

ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීම්වල ධනාත්මක ප්‍රවණතාවක් පෙන්නුම් කරන බව ෆිච් රේටින් සමාගම පවසා ඇත.

මේ හේතුවෙන් අදාළ සමාගම විසින් මෙරට ණය ශ්‍රේණිගත කිරීම් සඳහා උසස්වීමක් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව දිගුකාලීන විදේශ මුදල් නිකුත් කරන්නන්ගේ ශ්‍රේණිගත කිරීම CCC සෘණ මට්ටමේ සිට CCC ධන මට්ටම දක්වා අදාළ උසස් වීම ලබා දී ඇති බව වාර්තා වේ.

ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ සාර්ථකත්වය වැඩි දියුණුකළ සාර්ව ආරිථික දර්ශක සහ දේශීය මුදල් පැහැරහැරීමේ අවධානම අඩුකිරීම මෙමගින් පිළිඹිබු කරන බව ෆිච් රේටින් සමාගම පවසයි.

අන්තර්ජාතික ණය ශ්‍රේණිගත කිරීමේ ප්‍රධානතම ආයතන තුනෙන් එකක් වන ෆිච් රේටින් (Fitch Ratings) ආයතනය විසින් 2020 වසරේදී සිය ශ්‍රේණිගත කිරීම්වලද B මට්ටමේ සිටි ශ්‍රී ලංකාව එවකට පැවති ආර්ථික කඩාවැටීම හමුවේ CCC- මට්ටම දක්වා තවදුරටත් පහත හෙළීමට කටයුතු කළේය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *