ශ්‍රාවස්තියට වෙලා තියෙන දේ මෙන්න.! සැප වාහන දිරලා ගිහින්.!

පාර්ලිමේන්තු නිලධාරීන් කොළඹ 07, ශ්‍රාවස්ති මන්දිරය පරීක්ෂාවක් සිදුකළ අතර එය නැවත වරක් පාර්ලිමේන්තුවේ විෂය පථය යටතට ගෙන එන ලදී.

කළින් බස්නාහිර පළාත් සභාව විසින් භාවිත කරන ලද මෙම ගොඩනැගිල්ල වසර ගණනාවක් නොසළකා හැරීම හේතුවෙන් අබලන් තත්ත්වයේ තිබෙන බව මෙම පරික්ෂාවේදී සොයාගන්නා ලදී.

මෙහිදී පරිශ්‍රයේ අතහැර දැමූ සුඛෝපභෝගී වාහන සොයාගත් අතර, සමහර වැදගත් කොටස් අතුරුදහන් වී තිබේ.

ගොඩනැගිල්ලේ තිබූ රාජ්‍ය කාර්යාල පෙර පාලන සමයේදී බත්තරමුල්ලට ගෙන ගොස් ඇති අතර, එම පරිශ්‍රය භාවිතයට නොගෙන තිබිණි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *