2030 දී අපනයන ආදායම ඩොලර් බිලියන 36 කට නැංවීමට ජනපතිගෙන් උපදෙස්.!

2030 වන විට අපනයන ආදායම ඩොලර් බිලියන 36ක් දක්වා වර්ධනය කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (27දා) නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

ජනාධිපතිවරයා එසේ උපදෙස් ලබාදුන්නේ ජනාධිපති කාර්යාලයේදී පැවති අපනයන සංවර්ධන අමාත්‍ය මණ්ඩල සභාවට එක්වෙමිනි.

2024 වසරේ ඩොලර් බිලියන 16.1ක්ව පැවති අපනයන ආදායම මෙම වසරේදී ඩොලර් බිලියන 18.2ක් දක්වා වැඩි කිරීමට අපේක්ෂා කරන අතර 2030 වන විට ඩොලර් බිලියන 36 දක්වා වර්ධනය කිරීමට නව වැඩපිළිවෙළ හරහා අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය කිරීම සහ දේශීය නිෂ්පාදනය ශක්තිමත් කරගනිමින් අපනයන ප්‍රමුඛ නිෂ්පාදන ආර්ථිකයක් වෙත යොමුවීමේ අවශ්‍යතාව මෙහිදී සාකච්ඡා වූ අතර ශ්‍රී ලංකාවේ පිහිටීම, මානව සම්පත සහ ස්වභාවික සම්පත් උපයෝගි කර ගනිමින් දීර්ඝකාලීන කර්මාන්ත සංවර්ධන සැලැස්මක් ඇති කිරීමද මෙහිදී අවධානයට ලක් විය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *