කායවර්ධන ක්‍රීඩක සුමින්ද චාමර ඉඩන්ගොඩ තම ජයග්‍රණ ගැන කියන කතාව.!

කායවර්ධන ක්‍රීඩකයෙකු වන සුමින්ද චාමර ඉඩන්ගොඩ වන මම වසර ගනනාවක මිත්‍රත්වය සහ සහයෝගිතාව සමග විශ්වාසයෙන් මා විසින් තෝරාගත් මාගේ කායවර්ධන පුහුණුකරු වන ” Rizan azoor ” සහ මා විසින් මාස තුනක පමන කාලයක් පුරාවට ශ්‍රි ලන්කාවේ සහ කැනඩාවේ යා වීම දුරකථන ඇමතුම් තුලින් අකන්ඩව පවත්වා ගනිමින් ඔහුගේ කාලයේ සහ බුද්ධියේ කැපවීමත් මාගේ ශාරීරික සහ මානසික කැපවීමත් මත කායවර්ධන තරගාවලි දිත්ත්වයක් මා විසින් ජයග්‍රහණය කරනු ලැබීම ශ්‍රී ලාංකිකයකු වශයෙන් සහ කායවර්ධන ක්‍රීඩකයෙකු ලෙස මා ලැබූ විශාලතම ජයග්‍රහණයක් යැයි කියන්නට ආඩම්බරයි.

2025 අප්‍රේල් 12 වෙනිදා කැනඩාවේ පැවති JIM Morris legacy cup කායවර්ධන තරගාවලියේ , මාස්ටර්ස් ඉසව්වෙන් තරගයට මුහුණ දී තෙවන ස්ථානය ද එම තරගාවලියේම “Light heavyweight ” අoශයෙන් ද තෙවන ස්ථානය ලබා ගැනීමට මාගේ පුහුණුකරු මාව මාස තුනක කාලයක් කැප කර Buildup කරා…

ඊටත් පස්සේ මම 2025 මැයි 04 නැවත තරග කරපු Mindio show කායවර්ධන තරගාවලියේ Light heavyweight අoශයෙන් රන් පදක්කම් දෙකක් මා සතු කර දෙන්නට මාගේ පුහුණුකරු මාව දින 18 ක් වැනි කෙටි කාලයක් තුල ඉතා සූක්ෂම සහ පූර්ණ අදීක්ශනයක් යටතේ මාව පුහුනු කලා..

කිසිවකුත් උදවුවට නොමැති කැනඩාවේ මා විසින් තරග බිමට ගියේ මගේ පුද්ගලික වාහනයෙන් කිලෝමීටර් 400 ක් පමණ වාහනය පදවාගෙන, මුදල් ගැටලු සහ රැකියාව අස්තාවර වූ මොහොතක පවා මා මානසිකව නොවැටී දැඩි කැපවීමකින් මේ තරගයට මුහුන දුන්නා.. තරගයට නියමිත දිනයේ Hotel room එකක ඉන්නටවත් මට මුදල් තිබ්බෙ නෑ.. ඒත් මම පසුබැස්සේ නෑ මගේ වාහනේ මම නිදාගත්තා , ලොකු කැපවීම් ගොඩක්…. රන් පදක්කම් දෙකක්, අරයා මෙයා උදව් කරේ නෑ කියලා අඩ අඩ හිටියනම් මම අද මෙතන නෑ.. සරලවම කිව්වොත් මගේ ජයග්‍රහණයේ photos ටික ගන්නවත් මට කෙනෙක් හිටියේ නෑ..ඒත් අවස්තාවට අනුව මම හැමදෙයක්ම කරගත්තා.. මගේ කැපවීමත් පුහුණුකරුගේ කැපවීමත් නොතිබුනා නම් මේ ජයග්‍රහණය අද මට ලැබෙන්නේ නෑ.

මේ ජයග්‍රහණයෙන් පසුව කායවර්ධන ක්‍රීඩාවේ ” NPC ” තරගාවලි සදහා ද මා නිල වශයෙන් සුදුසුකම් ලබා ඇති බව කියන්නට ආඩම්බරයි 🇱🇰❤️‍🔥 .

ඒ වගේම ආදරයෙන් මතක් කරන්න කැමති කැනඩාවේ දී මට නොයෙක් අයුරින් සහයෝගය ලබා දුන් මගේ මිත්‍රයන් ,

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *