දිවයින පුරා පිහිටි රජයේ වී ගබඩා සදහා වී තොග ගෙනවිත් භාරදෙන ගොවීන්ට සහතික මිලට අමතරව වී කිලෝවක් සදහා තවත් රුපියල් 2ක මුදලක් ලබාදෙන බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සදහන් කරයි.
යම් වී ප්‍රමාණයක් රජයේ ගබඩා සදහා ගෙනවිත් භාරදෙන ලෙසත් ඇතැම් දිස්ත්‍රික්කවල වී මිලදී ගැනීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවද නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.
වී සදහා සහතික මිලක් නියම කිරීමට බලාපොරොත්තු වන බවත් තවත් සති දෙකක් ඇතුලත සහල් ගැටලුව සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට බලාපොරොත්තු වන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.
ඇඹිලිපිටිය වී ගබඩා සංකීරණයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.
ප්‍රතිචාරයක් ලබාදෙන්න