ආරුගම්බේ ත්‍රස්ත ප්‍රහාර සැලසුම ගැන තවත් තොරතුරු එළියට.!

ඊශ්‍රායල සංචාරකයින් බහුලව රැඳී සිටින ආරුගම්බේ සංචාරක කලාපය ඉලක්ක කර ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට ත්‍රස්තවාදීන් සැලසුම් සකස් කර ඇත්තේ බන්ධනාගාරය තුළදී බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය (17) අධිකරණය හමුවේ සදහන් කරයි.

මේ සම්බන්ධයෙන් සැකකරුවන් 7 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර දින 90ක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ රඳවා ප්‍රශ්න කළ සැකකරුවන් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ විමර්ශන නිලධාරීන් සදහන් කළේ, LTTE LTTE ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් වරදකරුවන් වී, වසර ගණනාවක් සිරගතව සිට නිදහස් වූ හිටපු LTTE සාමාජිකයින් යොදාගෙන එම ප්‍රහාරය එල්ල කිරීමට සැලසුම් කර තිබූ බවයි.

පසුගිය ජනාධිපතිවරණය පැවැති වකවානුවට සමගාමීව මෙම සැකකරුවන් ආරුගම්බේ ත්‍රස්ත ප්‍රහාරය එල්ල කිරීමට සැලසුම් කර ඇති බවත් පසුගිය වසරේ ඔක්තෝබර් (07) සහ (08) දිනවල පුද්ගලයින් යොදවා සංචාරක කලාපය වීඩියෝගත කිරීම හා ඡායාරූප එක්රැස් කිරීම සිදුකර තිබූ බවද එම විමර්ශන නිලධාරින් සදහන් කරයි.

මෙම ත්‍රස්ත සැලසුමේ පළමු සැකකරුවන බිලාල් අහමඩ්, කැස්බෑව ඩිපෝවේ බස් රථයකට පසුගිය 2008 වසරේදී බොම්බ ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් සිරගතව සිටින ආනන්දන් සුගාදරන් යන අයව බන්ධනාගාරය තුළදී ඇසුරු කර ඇති බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේය.

අනතුරුව ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා, සැකකරුවන් නීතිපතිවරයාගේ උපදෙස් ලැබෙන තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කළේය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *