2025 ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඩොලර් බිලියන 1.3 ඉක්මවා ගොස් ඇතැයි ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.
මේ අනුව ඉකුත් ජනවාරි සඳහා වෙළෙඳ භාණ්ඩ සහ සේවා යන දෙකම ඇතුළුව මුළු අපනයනය ඇමෙරිකානු ඩොලර් මිලියන 1,334.19ක් ලෙස සටහන් විය. එය වසරේ ශක්තිමත් හා බලාපොරොත්තු සහගත ආරම්භයක් සනිටුහන් කරයි. මෙම කැපී පෙනෙන වර්ධනය ශ්‍රී ලාංකේය කර්මාන්තවල ඔරොත්තු දීමේ හැකියාව, නවෝත්පාදනය සහ තරගකාරිත්වය පිළිබිඹු කරන අතර තිරසාර ආර්ථික වර්ධනයක් සඳහා මාවත විවර කරයි.
ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද දත්තවලට අනුව 2025 ජනවාරි මාසයේදී වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 1,004.82 කි. එය 2024 ජනවාරි මාසයට සාපේක්ෂව 3.51% ක වර්ධනයකි. කෘෂිකාර්මික අපනයනය 2024 ජනවාරි මාසයට සාපේක්ෂව 14.87% වර්ධනයක් වන අතර එය 2025 ජනවාරි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 258.93 දක්වා ළඟා විය. කාර්මික අපනයනය ජනවාරි මාසය තුළදී 0.08% ක වර්ධනයක් වන අතර එය ඩොලර් මිලියන 745.89 කි.
2025 ජනවාරි මාසය සඳහා ඇස්තමේන්තුගත සේවා අපනයන වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 329.37 කි. එය 2024 ජනවාරි මාසයට සාපේක්ෂව 37.87% ක වර්ධනයකි.
ප්‍රතිචාරයක් ලබාදෙන්න