උස්වැටකෙයියාවේ වෙඩිතැබීමේ සිද්ධියට තවත් සැකකරුවෙක් අල්ලයි.!

පමුණුගම පොලිස් වසමේ උස්වැටකෙයියාව මුහුදු වෙරළ තීරයේ පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය පෙබරවාරි මස 21 වන දා උස්වැටකෙයියාව මුහුදු වෙරළ තීරයේ පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පමුණුගම පොලිස් ස්ථානය මේ වනවිට විමර්ශන සිදුකරමින් පවතී.

ඒ අනුව ඊයේ (26) රාත්‍රී කාලයේ රාගම වල්පොල ප්‍රදේශයේදී පමුණුගම පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් විසින් මෙම මනුෂ්‍ය ඝාතනයට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12ක් හා විදේශ රටක නිශ්පාදිත ජීව අත් බෝම්බයක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 29ක් වන රාගම, වල්පොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *