නව යොවුන් වියේ පසුවන්නකුට පහරදීමක් සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෑතකදී සමාජ මාධ්‍යවල පුළුල් ලෙස ප්‍රචාරය වූ සිද්ධියක් මත පදනම්ව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
වීඩියෝ දර්ශන මත පදනම්ව, පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, සිද්ධිය කෑගල්ලේදී සිදුවී ඇති බව හඳුනාගෙන තිබේ.
කෑගල්ල පොලිසියේ විමර්ශනවලින් වයස අවුරුදු 16 සහ 17 යන තරුණයන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිසිය පවසයි.
පොලිසියට අනුව, සැකකරුවන් අතර පහරදීම සිදුකළ නව යොවුන් වියේ පසුවන්නන් දෙදෙනකු සහ සිද්ධිය පටිගත කළ තවත් අයකු වේ.
සිද්ධියෙන් තුවාල ලැබූ නවයොවුන් වියේ පසුවන්නා ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ.
ප්‍රතිචාරයක් ලබාදෙන්න