පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට හැකි දිනය මෙම සතිය තුළ ප්‍රකාශයට පත් කරනු ඇතැයි අපේක්ෂා කරන බව පැෆ්රල් සංවිධානය පවසයි.
එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ ප්‍රායෝගික කාරණා රැසක් සැලකිල්ලට ගනිමින් මැතිවරණ කොමිසම විසින් එම දිනය ප්‍රකාශයට පත් කළ යුතු බවයි.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා.
“අපි දන්නවා පැරණි නාම යෝජනා සඳහා තැන්පත් කිරීම් වෙනකොට ආපසු ගෙවීමේ කටයුතු ආරම්භ කරලා තියෙනවා.
මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශයට පත් කරලා තිබෙනවා.
ඒ ඇප තැන්පත් ගෙවීම් අවසන් වූ වහාම මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කරනවා කියලා.
අපි දකින්නේ නැහැ සම්පූර්ණ වන තෙක් මේක ප්‍රමාද කළ යුතුයි කියලා.
දේශපාලන පක්ෂවලට අරමුදල් ගැටලුවක් තිබෙන බව බොහෝ විට පක්ෂ සඳහන් කරල තියෙනවා.
ඒ නිසා උනන්දුව සහිත දේශපාලන පක්ෂ වලට තමන්ගේ අදාල රිසිත් පත් ඉදිරිපත් කිරීම හරහා ඇප මුදල් කඩිනමින් ලබාගන්න මැතිවරණ කොමිෂන් සභාව ක්‍රියා කරල තියෙනවා.
ඉතින් අපේ බලාපොරොත්තුව තමයි මේ ඉදිරි සතිය තුළ මැතිවරණය පිළිබඳව නිල නිවේදනය මැතිවරණ කොමිසම සභාව ක්‍රියාත්මක කරයි කියලා.“
ප්‍රතිචාරයක් ලබාදෙන්න