පාතාල කල්ලිවලට ඇති දේශපාලන අනුග්‍රහය හා පොලිසියේ පිහිට ඇමති හෙළිකරයි.!

රටේ සමහර පාතාල කල්ලි නිර්මාණය වූයේ දේශපාලන අනුග්‍රහය ඇතිව බවත් සමහර රාජ්‍ය ආයතන පාතාල කල්ලි වලට උදවු කරන බවත් පොලීසිය ඒ අතර ප්‍රධාන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සදහන් කරයි.

පසුගිය කාලයේදී ක්‍රීඩකයන්, මාධ්‍යවේදීන් ඝාතනය කෙරුණද වින්දිතයන්ට යුක්තිය ඉෂ්ට නොවුණු බැවින් වත්මන් රජය එම වින්දිතයන්ට යුක්තිය ඉෂ්ට කරන බවද අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

පාතාලය ගැන පරීක්ෂණ පැවැත්වීමට පොලිසියට උපරිම නිදහස ලබාදී ඇති බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාතාලය සමඟ සම්බන්ධතා නැති බවත් අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සදහන් කරයි.

පාතාලයේ ක්‍රියාකාරකම් සම්බන්ධව (21) දින පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව සදහන් කරයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *