මීට සුළු මොහොතකට පෙර මිද්දෙනියේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේය.
පසුගිය 18 වන දින රාත්‍රී කාලයේ මිද්දෙණිය පොලිස් වසමේ මිද්දෙණිය වීරකැටිය මාර්ගයේ කඩේවත්ත හන්දියයේදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට නාඳුනන පුද්ගලයින් විසින් සිදුකළ වෙඩි තැබීමකින් ගල්පොත්ත පාර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 39 ක පුද්ගලයෙකු හා වයස අවුරුදු 06 ක් වන ඔහුගේ දියණිය සහ 9 හැවිරිදි පුතු මියයන ලදී.
මෙහිදී මියගිය අරුණ විදානගමගේ නොහොත් ‘මිද්දෙණියේ කජ්ජා’ නම් පුද්ගලයා රාජපක්ෂ හිතවාදියෙකුව සිට පසුව විරසක වූ පුද්ගලයකු බවද වාර්තා වේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයකු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ප්‍රතිචාරයක් ලබාදෙන්න