ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මාලදිවයිනේ විදේශ අමාත්‍ය අබ්දුල්ලා කලීල් යන මහතා අතර හමුවක් ඊයේ (20) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
නිවේදනයක් නිකුත්කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පවසා සිටියේ, රට තුළ ඇති වූ ආර්ථික පසුබෑමෙන් අනතුරුව ශක්තිමත්ව රටක් වශයෙන් නැඟී සිටීම ගැන මාලදිවයිනේ විදේශ අමාත්‍යවරයා පුදුමයට පත්වූ බවයි.
එමෙන්ම ආර්ථික අර්බුදයෙන් මාලදිවයිනට ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකාවෙන් පාඩම් ඉගෙන ගනිමින් සිටින බවත් මෙහිදී පෙන්වා දී ඇත.
මේ අතර රාජ්‍ය නිල සංචාරයක් සඳහා මාලදිවයින වෙත පැමිණෙන ලෙසද කලීල් අමාත්‍යවරයා ජනාධිපතිවරයාට ආරාධනා කර තිබේ.
ප්‍රතිචාරයක් ලබාදෙන්න