පාතාලය සහමුලින්ම අවසන් කිරීමට ජනපති බලඇණි කැඳවයි.!

ඉදිරි කාලය තුළ පාතාලය සහමුලින්ම අවසන් කිරීමට සියළු කටයුතු අනිවාර්යෙන්ම සිදුකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

10වන පාර්ලිමේන්තුවේ ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ පළමු රැස්වීම අද (20) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ඔහු මේ බව පවසා ඇත.

මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ ජනතාවගේ ආරක්ෂාව සඳහා පවතින නිල ආයතනවල ඇතැම් පුද්ගලයන් දක්වාම පාතාලය පැතිරී ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබෙන බවයි.

මේ අතර මෙම අවස්ථාවට එක්වූ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා මෙරට අධිකරණ සංකීර්ණවල ආරක්ෂාව පිළිබඳ අදහස් දක්වා ඇත.

හෙතෙම පෙන්වා දී ඇත්තේ අධිකරණ සංකීර්ණවල ආරක්ෂාව සම්බන්ධව යෝජනාවලියක් සකස් කර ඇති බවයි.

මෙම රැස්වීම පිළිබඳව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනය පහළින්..

MCC Defence – Sinhala (1) by poornima

Spread the news

Comments

“පාතාලය සහමුලින්ම අවසන් කිරීමට ජනපති බලඇණි කැඳවයි.!”ට එක් ප්‍රතිචාරයක්

  1. තුවාන් රිෂාඩ් ඩේන් Avatar
    තුවාන් රිෂාඩ් ඩේන්

    🙏🤲✌💪 ඔහොම යං

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *