ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ඒකාබද්ධ ව්‍යාපෘති රැසක්.!

ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර සංචාරක, අධ්‍යාපන, සෞඛ්‍ය, හෝටල් ඇතුළු ව්‍යාපෘති රැසක් සම්බන්ධයෙන් සහයෝගීතාවයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත මාලදිවයින විදේශ අමාත්‍ය අබ්දුල්ලා කරීම් මහතා සමග සාකච්ඡා කළ බව විදේශ කටයුතු, සංචාරක සහ විදේශ සේවා අමාත්‍ය විජිත් හේරත් මහතා පැවසීය.

අද විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී මාලදිවයින විදේශ අමාත්‍යවරයා සමග පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.මාලදිවයින විදේශ අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකාවේ පළමු නිල සංචාරය මෙය බවද අමාත්‍ය විජිත හේරත් මහතා සදහන් කළේය.

ඊයේ ශ්‍රී ලංකාවට පැමිණි මාලදිවයින විදේශ අමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර ජයකොඩි මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සමග ද සාකච්ඡා පවත්වා ඇත.

මෙහිදී මාධ්‍ය ඇමතූ මාලදිවයින විදේශ අමාත්‍යවරයා පැවසුවේ දෙරට ම අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කර මෙම වසරට වසර 60 ක් සම්පූර්ණ වන බවත් රටවල් දෙකම මුහුදින් වටවී ඇති නිසා දෙරටට අයත් මුහුදු සීමාව ආරක්ෂා කිරීමට ඒකාබද්ධ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවත්ය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *