සහකාර පොලිස් අධිකාරිවරු (ASP) 51 දෙනකු ශ්‍රී ලංකා පොලීසියට බඳවා ගැනීමට කටයුතු යොදා ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සදහන් කරයි.
මීට අදාළව විභාග දෙපාර්තමේන්තුව පැවැත් වූ විභාගයේදී සමත් වූ 225ක් සම්මුඛ පරීක්ෂණ වලට කැඳවා ඇති බවත් එලෙස තෝරාගත් අයගෙන් වැඩි පිරිසක් නීතිඥවරුන් බවද අමාත්‍යවරයා සදහන් කරයි.
මෙම සම්මුඛ පරීක්ෂණ අද (19) දින අවසන් වීමට නියමිත බව වාර්තා වේ.
ප්‍රතිචාරයක් ලබාදෙන්න