කැලිප්සෝ දුම්රියේ දිනක ආදායම ලක්ෂ 10 පනී.!

දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් කැලිප්සෝ දුම්රිය දිනක ආදායම රුපියල් ලක්ෂ 10 ඉක්මවමින් වාර්තාගත ආදායමක් උපයා තිබේ.

දිනපතා බණ්ඩාරවෙල බදුල්ල දක්වා ධාවනය වන කැලිප්සෝ දුම්රිය පෙරේදා(17) දිනයේ සංචාරකයින්ගෙන් පිරී ගිය බවත් පෙරේදා දිනය පමණක් මේ ආදායම ලබා ගත් බවත් දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පවසයි.

දෛනිකව රුපියල් ලක්ෂ පහක පමණ ආදායම් ලබන කැලිප්සෝ දුම්රිය වැඩිම ආදායමක් ඊයේ දින වාර්තා කළ බවත් කී දුම්රිය සාමාන්‍යාධිකාරී වරයා එහි දිනක වියදම රුපියල් ලක්ෂ හතරක් පමණ යැයිද කීවේය.

මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රමාණය ද ඉහළ ගොස් තිබේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *