මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු ඇහැළියගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (17) රාත්‍රීයේ එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ, ඇහැළියගොඩ පොලිස් වසමේ මෝරගල හන්දිය ප්‍රදේශයේදීය.
අත්අඩංගුවට ගත් සැකකරු වයස ආඳාගල ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි අයෙකි.
2025 ජනවාර 17 වන දින ඇහැළියගොඩ පොලිස් වසමේ හොරගොඩ මාර්ගයේදී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තවත් පුද්ගලයින් දෙදෙනෙකුට බරපතළ තුවාල සිදුකර තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් ඇහැළියගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
ප්‍රතිචාරයක් ලබාදෙන්න