සුළං බලාගාරය අදානිට දීමේ මූලික වැඩට සුනිත්‍ය බලශක්ති අධිකාරිය මිලියන 261.7ක් වැය කරලලු.!

මන්නාරම සහ පුනරින්හි මෙගාවොට් 500ක ධාරිතාවෙන් යුත් පූනර්ජනනීය බලශක්ති බලාගාර ඉදිකිරීමේ ව්‍යාපෘතිය ඉන්දියාවේ අදානි සමාගම වෙත පිරිනමන විට එකී ව්‍යාපෘතිවල මූලික සංවර්ධන කටයුතු සඳහා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් රුපියල් මිලියන 261.7 ක් වැයකොට ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.

වැය කළ මෙම මුදල ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් 2022 වර්ෂයේ නොවැම්බර් 08 දිනැති ලිපිය මගින් අදාළ ව්‍යාපෘති සංවර්ධකගෙන් ඉල්ලීම් කොට තිබුණි.

පසුව සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් ව්‍යාපෘති සංවර්ධකගෙන් ලැබිය යුතු මුදල රුපියල් මිලියන 112.5ක් ලෙස අඩුවෙන් මූල්‍ය ප්‍රකාශනවල සටහන් මගින් හෙළිදරව් කොට තිබුණි. එම මුදල අඩුකිරීම සම්බන්ධයෙන් අදාළ ආයෝජකයා සමග ඇති කරගත් එකඟතාවන් විගණනයට ඉදිරිපත් කොට නොමැති බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

වටිනාකම අඩුකර ගැනීමට අදාළ එකඟතාවන් පිළිබඳ විස්තර නොපමාව විගණනය වෙත ඉදිරිපත් කළ යුතු බවද විගණනය මගින් නිර්දේශ කොට ඇත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *