කතරගම බස් නැවතුම්පොළේ දී තරුණයෙක් සියදිවි නසාගෙන.!

කතරගම පොදු බස් නැවතුම්පොළ අසළ ඇති වැසිකිළිය ආසන්නයේ දී තරුණයෙකු ගෙල වැලලාගෙන මිය ගොස් තිබේ.

මෙම පුද්ගලයා ඊයේ (14) රාත්‍රියේ බස් නැවතුම්පොළ අසළ ඇති ජල ටැංකියක ආධාරයක් මත එල්ලී මෙම සියදිවි හානිකරගැනීම සිදුකරගෙන ඇත.

මියගිය පුද්ගලයා කතරගම ප්‍රදේශයෙන් පිටස්තර අයෙකු බවත්, ඔහු දින කිහිපයක්ම කතරගම නගරයේ සැරිසරා ඇති බවත් ප්‍රදේශවාසීන් පවසයි.

මරණය සම්බන්ධයෙන් කතරගම පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *