පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකර ඇති පෙත්සම්වලට අදාළව තීරණය කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම්දීම සඳහා අද (14) දිනයේ විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් කැඳවා තිබේ.
ඒ අනුව විනිසුරු මඩුල්ලේ බහුතරය සමන්විත වන විනිසුරුවරුන් දෙදෙනකු විසින් තීන්දු කර ඇත්තේ පනත් කෙටුම්පත සමස්තයක් ලෙස සහ විශේෂයෙන් කියවිය යුතු 2 සහ 3 වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව සමඟ අනනුකූල වන බැවින් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84 ව්‍යවස්ථාවේ (2) ඡේදයට අනුව විශේෂ බහුතර ඡන්දයෙන් පමණක් සම්මත කිරීම අවශ්‍ය වන බවයි.
විනිසුරු මඩුල්ලේ ඉතිරි විනිසුරුවරයා තීන්දු කර ඇත්තේ මෙම පනත් කෙටුම්පත සමස්තයක් ලෙස හෝ එහි යම් විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනනුකූල නොවන බැවින් එය පාර්ලිමේන්තුවේ සරල බහුතර ඡන්දයකින් සම්මත කළ හැකි බවයි.
මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පනත් කෙටුම්පතට අදාළ දෙවැනිවර කියවීමේ විවාදය ලබන 17 වැනි සඳුදා දින පස්වරු 2 සිට පස්වරු 7 දක්වා පැවැත්වීමටද නියමිතව ඇත.
ප්‍රතිචාරයක් ලබාදෙන්න