මහින්ද විජේරාම නිල නිවසෙන් යන්න සූදානම් වෙයි.. කුලියට ගෙයක් හොයයි.!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නැවතී සිටින විජේරාම නිල නිවසෙන් ඉවත් වීමට සූදානම් වෙමින් පවතින බව වාර්තා වෙයි.

ඒ විශ්‍රාමික ජනාධිපති වරප‍්‍රසාද ඉවත් කිරීමේ පනතක් ආණ්ඩු විසින් සම්මත කිරීමට කටයුතු කරමින් ඇති පසුබිමකයි.

ඒ අනුව ගැලපෙන කුලී නිවසක් මේ දිනවල සොයමින් සිටින බව දැන ගන්නට ඇත.

හිටපු ජනාධිපතිවරයාට නැවතීමට සුදුසු ගෙවල් රැසක් සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් වී ඇතත් ආරක්ෂක තත්ත්වයන් සම්බන්ධයෙන් තවදුරටත් සලකා බලමින් සිටින වාර්තා වෙයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *