තැපැල් දෙපාර්තමේන්තුව ජනතා හිතෛශී සේවාවක් බවට පත් කිරීමට කඩිනම් පියවර රැසක් මේ වන විට රජයෙන් ගෙන තිබේ.
ඒවා නම්,
උප තැපැල් ස්ථානාධිපතිවරු 378 දෙනෙකුට ස්ථිර පත්වීම් ප්‍රදානය කර ඇත.
තැපැල් සේවා නිලධාරීන් 600ක් විවෘත පදනමින් බඳවා ගැනීමේ විභාගය ඔක්තෝබර් මුලදී.
තැපැල් සේවා නිලධාරී (සීමිත) පුරප්පාඩු 83ක් සඳහා මේ වසර තුළ බඳවා ගැනේ.
තැපැල් සේවාවට රියදුරන් 40ක් බඳවා ගැනේ.
තැපැල් සහායකයන් 1000ක් ස්ථිරව පත් කිරීමට සහ ආදේශකයන් 1000ක් ලියාපදිංචි කිරීමට කැබිනට් අනුමැතිය හිමි වේ.
තැපැල් ප්‍රවාහනය කාර්යක්ෂම කිරීමට අලුතින් ලොරි රථ 10ක් මිලදී ගැනේ.
තැපෑලේ පුරප්පාඩු වූ මාණ්ඩලික සහ විධායක තනතුරු 95කට මෙම වසරේදී ස්ථිර නිලධාරීන්.
තැපැල් දෙපාර්තමේන්තුවේ කාර්යාල අලුත්වැඩියා කිරීමට රුපියල් මිලියන 400ක ව්‍යාපෘති දියත් කර අවසන්.
රුපියල් මිලියන 678ක් වියදමින් මේ වසරේදී නව තැපැල් කාර්යාල ගොඩනැගිලි ඉදි කෙරේ.
ක්ලාස් II තනතුරේ සිටින තැපැල් සේවකයෙකු ලබන වැටුප් සහ අතිකාල
ආරම්භක පියවරේ සේවකයකු 2024 දෙසැ. 31ට ලැබූ වැටුප රු. 32,375යි
2025 අප්‍රේල් 01 වැටුප් වැඩිවීම නිසා නව වැටුප රු.47,808ක් (මසකට රු. 15,433ක වැටුප් වැඩිවීමක්)
වැටුප් වැඩිවීමට පෙර අතිකාල පැය 240ක් ආවරණය කළහොත් 32,375ක අතිකාල දීමනාවක්. 2025 අප්‍රේල් 01 වැටුප් වැඩිවීමෙන් පසු එම පැය ගණනට අතිකාල දීමනාව රු.54,650ක් වේ. (මසකට රු.22,275ක අතිකාල දීමනා වැඩිවීමක්)
වැටුප සහ අතිකාල වැඩිවීම මසකට රු. 37,708ක්
ක්ලාස් I තනතුරේ සිටින තැපැල් නිළධාරියෙකු ලබන වැටුප් සහ අතිකාල
ආරම්භක පියවරේ සේවකයකු 2024 දෙසැ. 31ට ලැබූ වැටුප රු. 43,480යි
2025 අප්‍රේල් 01 වැටුප් වැඩිවීම නිසා නව වැටුප රු.61,584යි. (මසකට රු. 18,104ක වැටුප් වැඩිවීමක්)
වැටුප් වැඩිවීමට පෙර අතිකාල පැය 240ක් ආවරණය කළහොත් 32,375ක අතිකාල දීමනාවක්. 2025 අප්‍රේල් 01 වැටුප් වැඩිවීමෙන් පසු එම පැය ගණනට අතිකාල දීමනාව රු.54,650ක් වේ. (මසකට රු.31,180ක අතිකාල දීමනා වැඩිවීමක්)
වැටුප සහ අතිකාල වැඩිවීම මසකට රු. 49,284ක්



ප්‍රතිචාරයක් ලබාදෙන්න