බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් රාවණා ඇල්ල අභය භූමියේ අභ්‍යන්තර ගුහා සංකීර්ණයක් තුළ පිහිටා ඇති දුර්ලභ ගණයේ ස්වභාවික ජල මූලාශ්‍රයක් වන ‘නිල්දිය පොකුණ’ ආශ්රිත සංචාරක කටයුතු, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය සහ නියාමනය යටතේ ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
පරිසර අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.
නිල්දිය පොකුණ එහි පවතින සුවිශේෂී භූගෝලීය ලක්ෂණ හේතුවෙන් දෙස් විදෙස් සංචාරකයින් අතර ඉතා ජනප්‍රිය ගමනාන්තයක් බවට පත්ව ඇත.
මෙම දුර්ලභ ස්වභාවික සම්පත සංරක්ෂණය කිරීම සහ සංචාරක කටයුතු විධිමත් ලෙස නියාමනය කිරීම සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ අදාළ රාජ්‍ය ආයතන නියෝජනය කරමින් පත් කරන ලද තාක්ෂණික කමිටුවක් විසින් අධ්‍යයන වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබ තිබේ.
එම වාර්තාවේ නිර්දේශ මත පදනම්ව සකස් කරන ලද නියාමන නියෝග නීති කෙටුම්පත් සම්පාදක විසින් පරීක්ෂා කර තහවුරු කර ඇති අතර, වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥාපනතේ විධිවිධාන යටතේ ඒවා ගැසට් පත්‍රයේ පළ කිරීමට නියමිතය.



ප්‍රතිචාරයක් ලබාදෙන්න