සංචාරක ප්‍රවර්ධනයට ශ්‍රී ලංකාවේ මගී ඩ්‍රෝන යානා සේවාවක්

සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම මූලික කරගනිමින් ශ්‍රී ලංකාව තුළ මඟී ඩ්‍රෝන යානා සේවාවක් ආරම්භ කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේදී පැවැත්වී තිබේ.

විෂයභාර අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට චීනයේ EHang සමාගමේ නියෝජිතයන් ඇතුළු අමාත්‍යාංශයේ සහ සිවිල් ගුවන්සේවා අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එක්ව ඇත.

මෙම සේවාව සංචාරක කර්මාන්තයට අමතරව හදිසි ආපදා සේවා සහ සමුද්‍රීය ක්ෂේත්‍රයේ අවශ්‍යතා සඳහාද යොදාගැනීමට හැකියාව පවතින බව සාකච්ඡාවේදී අවධාරණය කර තිබේ.

EHang සමාගමේ නියෝජිතයන් විසින් eVTOL ලෙස හැඳින්වෙන විදුලි බලයෙන් ක්‍රියාත්මක වන සිරස්ව ගුවන්ගත හා ගොඩබැස්සවිය හැකි යානා පිළිබඳවද කරුණු ඉදිරිපත් කර ඇත. 

මඟීන් දෙදෙනෙකුට ගමන් කළ හැකි මෙම යානා ප්‍රචාලන පංකා 16කින් සමන්විත වන අතර, AI තාක්ෂණය භාවිතයෙන් ස්වයංක්‍රීයව පාලනය කළ හැකි බව සඳහන් වේ.

කෙසේ වෙතත්, වාණිජ මෙහෙයුම් ආරම්භ කිරීමට පෙර ගුවන් ආරක්ෂාව, නියාමන රාමුව, ගුවන් මාර්ග පාලනය, හදිසි මෙහෙයුම්, සයිබර් හා දත්ත ආරක්ෂාව මෙන්ම ගොඩබැස්සවීමේ ස්ථාන ඇතුළු කරුණු සම්බන්ධයෙන් අදාළ සියලු අනුමැතීන් ලබාගැනීම අනිවාර්ය බව අමාත්‍යවරයා අවධාරණය කර තිබේ.

සීගිරිය, පිදුරංගල, කොළඹ නගරය සහ වරාය නගරය ආශ්‍රිතව සංචාරකයන් සඳහා මෙම සේවාව යොදාගැනීම පිළිබඳවද සාකච්ඡාවේදී අවධානය යොමු වී ඇත. 

වරාය නගරය තුළ මෙම යානා සඳහා ආදර්ශ කලාපයක් ස්ථාපිත කිරීමේ හැකියාව පිළිබඳවද අදහස් හුවමාරු වී තිබේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *