ආරක්ෂක නි.ඇමැතිට එරෙහි සජබේ විශ්වාසභංගය විසිවෙයි – නීතිය ගැන නොදැන ගෙනාපු යෝජනාවක්.!

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකරට එරෙහිව සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ විසින් කථානායකවරයාට භාර දෙනු ලැබ ඇති විශ්වාසභංග යෝජනාව නීතිමය ගැටලු‍වක් හේතුවෙන් විවාදයට ගැනීමට නොහැකි පසුබිමක් නිර්මාණය වී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග උපුටා දක්වමින් ‘ලංකාදීප’ය සඳහන් කරයි.

එසේ හෙයින් මෙම යෝජනාව ඉදිරිපත් කිරීමේ නෛතික හැකියාව සම්බන්ධයෙන් නිල වශයෙන් තොරතුරු විමසා බැලීමට නීතිපතිවරයාට යොමුකර ඇති බව රජයේ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

අරුණ ජයසේකර නියෝජ්‍ය අමාත්‍යවරයාට ගැසට් නිවේදනයකින් විෂය පැවරීමක් කර නැති හෙයින් යම් වගකීමක් නිල වශයෙන් නොපැවරී ඇති අවස්ථාවක එවැන්නකුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනඒමේ නෛතික හැකියාවක් නොමැති බව ආණ්ඩු පාර්ශ්වයේ මැති ඇමතිවරු පෙන්වාදෙති.

එවැන්නකුට විරුද්ධව යෝජනාවක් ගෙනඑන්නේ නම් ගෙන ආ හැක්කේ දෝෂාරෝපණය කිරීමේ යෝජනාවක් පමණක් බවද ඔවුහු වැඩිදුරටත් ප්‍රකාශ කරති.

එසේ හෙයින් නියෝජ්‍ය ඇමතිවරයකුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනඒමේ හැකියාවක් නැති බව කියන එම මැති ඇමතිවරු, ලංකා ඉතිහාසයේ කිසිදිනක නියෝජ්‍ය ඇමතිවරයකුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර නැතැයි ද ප්‍රකාශ කරති.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *